29 C
Colombo
Wednesday, March 29, 2023

යුක්‍රේනයෙන් ආ තවත් 3 කට කොවිඩ්. සමස්තය 6 ක්.

- Advertisement -

කොවිඩ් -19 වසංගතය හමුවේ අත්හිටුවා තිබූ මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ යටතේ දෙසැම්බර් මස 28 වන දින යුක්‍රේන ජාතිකයින් 185 දෙනෙක් දිවයිනට පැමිණි අතර ඔවුන් පිළිගැනීම සදහා උදයංග වීරතුංග මහතා මත්තල ජාත්‍යාන්තර ගුවන්තොටුපලට පැමිණ තිබුණා.

ඉන් පසුව එහි දෙවැනි කණ්ඩායම ලෙස දෙසැම්බර් මස 29 වන දින තවත් යුක්‍රේන ජාතිකයින් 204 දෙනෙක් මත්තල ගුවන්තොටුපොළින් මෙරටට පැමිණියා.
කෙසේ වෙතත් මෙලෙස පැමිණි යුක්‍රේන ජාතිකයන් තිදෙනෙක් පසුගිය 30 වනදා කොවිඩ් 19 ආසාදිතයන් බවට හදුනා ගැනුණා.
මේ අතර එම පිරිසෙන් තවත් පුද්ගලයින් තිදෙනෙක්ද කොවිඩ් 19 ආසාදිතයන් බවට හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ඒ අනුව යුක්‍රේනයේ සිට පැමිණි පිරිසෙන් කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර යුක්‍රේන ජාතික සංචාරකයන් මෙරටට ගෙන්වීමේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොකල බවට සෞඛ්‍ය අංශ චෝදනා කරනවා.
ඔවුන් හරහා මෙරටට ඇතුළුවන්නේ කොවිඩ් වෛරසයේ කුමන ප්‍රභේදයදැයි සොයාගැනීමට තරම් ප්‍රමාණවත් යන්ත්‍ර හෝ නොමැති බවට රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමයද සදහන් කළා.
ඊයේ (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සදහන් කළේ මෙවැනි ක්‍රියා හරහා තුන්වන කොවිඩ් රැල්ලට අත වනන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයම බවයි.

RECENT ARTICLES - SINHALA

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...