28.9 C
Colombo
Thursday, March 27, 2025

හිටපු මන්ත්‍රීවරු 30කට වැඩි පිරිසකට පාර්ලිමේන්තු ඡන්දෙ එපා වෙලා

- Advertisement -

නවවැනි පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් 30කට ආසන්න පිරිසක් මෙවර මහමැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇති බවට පුවතක් ‘Ceylon Today’ වාර්තා කරනවා.

 මෙම මන්ත්‍රීවරුන් අතරින් ඇතැම් පිරිසක් සමස්ථ වශයෙන්ම දේශපාලන දිවියෙන් සමු ගෙන වෙනත් ක්ෂේත්‍ර කරා යෑමට තීරණය කර තිබීමද විශේෂත්වයක්.

කෙසේවෙතත්, දේශපාලන ආරංචි මාර්ගවලට අනුව ඇතැම් පිරිසක් මහමැතිවරණයට තරඟ නොකර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා කැමැත්ත පළ කර බවද සඳහන්.

එමෙන්ම, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කථානායකවරුන් වන චමල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍යවරුන් වන ජෝන් සෙනෙවිරත්න, ජී.එල්. පීරිස්, විජයදාස රාජපක්ෂ, අලි සබ්රි, බන්දුල ගුණවර්ධන, තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර, සිසිර ජයකොඩි, ගාමිණී ලොකුගේ වැනි දේශපාලඥයින් කිහිප දෙනෙකුම ප්‍රධාන ධාරාවේ දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

මේ අතරින් ඇතැම් අය සාම්ප්‍රදායික දේශපාලනය සම්බන්ධයෙන් ඇති නොඑකඟතාවයන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර තවත් කිහිප දෙනෙකු වයස්ගත වීම හේතුවෙන් දේශපාලන දිවියෙන් විශ්‍රාම යාමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

Breaking: චාමර සම්පත් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවකට අදාළව...

දළදා දැක්ම ගැන විශේෂ දැනුම්දීමක්

අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත සිරි දළදා දැක්මට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට රජය, මහනුවර නගර සභාව සහ දළදා මාළිගය හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට පවරා නැතැයි...

චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා. ඌව පළාත්...

POPULAR ARTICLES