30.6 C
Colombo
Thursday, April 25, 2024

තනතුරු නැති හිටපු මැති ඇමතිවරුන් 30කට මාස 15ක් පුරා ප්‍රභූ ආරක්ෂාව දීලා

- Advertisement -

ඉකුත් මහමැතිවරණයේදි පරාජයට පත්වූ පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරුන් 30 කට ආසන්න පිරිසකට මාස පහළොවක් පමණ තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබා දෙමින් ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

පාර්ලිමේන්තුවේ හිටපු ඇමතිවරුන්ට, හිටපු මන්ත්‍රීවරුන්ට අමතරව, හිටපු ආණ්ඩුකාරවරුන් පිරිසකටද මෙලෙස ප්‍රභූ ආරක්ෂාව ලබා දී ඇතැයි වාර්තා වනවා.

ප්‍රධාන දේශපාලන පක්ෂවලට අයත් මෙම පිරිස ඉකුත් වසරේ අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී පරාජයට පත්වූවන් වන අතර එතැන් සිට මේ දක්වා ඔවුනට ප්‍රභූ ආරක්ෂකයන් දෙදෙනා බැගින් ලබා දී තිබෙනවා.

එසේම නගර සභාවක හිටපු සභාපතිවරයකුටද වසර කිහිපයක් තිස්සේ ප්‍රභූ ආරක්ෂාව ලබාදී ඇති අතර ඔහුගේ ආරක්ෂකයන් දෙදෙනා ඉවත් කර ඇත්තේ පසුගිය සතියේයි.

හිටපු මැති ඇමතිවරුන්ට මෙලෙස ප්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ පැවති මහජන ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ දී ද මන්ත්‍රීවරුන් පිරිසකගේ දැඩි විරෝධය පළවී තිබේ.

ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එහිදි මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇති අතර හිටපු මැති ඇමතිවරුන්ට මේ ආකාරයෙන් ප්‍රභූ ආරක්ෂාව ලබා දෙන්නේ කුමන පදනමක් යටතේද යන්න ඔහු විමසා තිබේ.

හිටපු ආරක්ෂක ඇමතිවරුන් , පොලීසිය භාර ඇමති වරුන් ආදි විශේෂිත පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති නමුත්, එසේ නොමැති පුද්ගලයන්ට ආරක්ෂාව ලබා දීම ගැටලුවක් බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

හිටපු ඇතැම් මැති ඇමතිවරුන් උද්ඝෝෂණ ආදියට ද, සිය ව්‍යාපාරික කටයුතු සදහාද, පෞද්ගලික රාජකාරි සදහාද මෙම ප්‍රභූ ආරක්ෂකයින් රැගෙන යන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අනාවරණය කර ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තමන් වහා සොයාබලන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදි ප්‍රකාශ කර තිබේ.

RECENT ARTICLES - SINHALA

නීති විරෝධී ධීවර කටයුතුවල යෙදුණු පිරිසක් නාවික හමුදා භාරයට

යාපනය, චලෛයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව...

මාස 4ට විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක්

2024 වසරේ ගතවූ කාලය මාස 4 ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලැබී තිබෙනවා....

සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබෙනවා. කඳාන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...