31 C
Colombo
Wednesday, February 12, 2025

ඉන්දීය අයවැයෙන් ලංකාවට ලොකු මුදලක්

- Advertisement -

2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වන බව වාර්තා වනවා.

ගිය වසරේදී ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 245ක්.

කෙසේ වෙතත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙවර ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්කර ඇති බවයි.

2025 වර්ෂය සඳහා ඉන්දීය අයවැය ඊයේ (01) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය විසින්.

එම අයවැයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා ඉන්දීය රුපියල් කෝටි 20,516ක මුදලක් වෙන් කර ඇති අතර එම මුදලින් විදෙස් රටවල් සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,483ක් වෙන් කර තිබෙනවා.

ඉන්දීය අයවැයෙන් විදෙස් රටවල් සඳහා වෙන් කළ වැඩිම මුදල ලෙස දැක් වුණේ ඉන්දීය රුපියල් කෝටි 2,150ක මුදලක්.

එම මුදල වෙන් කර තිබුණේ භූතානය වෙනුවෙන්.

ගියවර ඉන්දීය අයවැයෙන් භූතානය වෙනුනෙන් ඉන්දීය රුපියල් කෝටි 2,068ක මුදලක් වෙන්කර තිබූ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දුන්නා.

RECENT ARTICLES - SINHALA

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

අත්අඩංගුවට ගත් තරුණයෙක් මිය ගිහින් – පහර දුන් බවට පොලීසියට චෝදනා

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද ලද පැමිණිල්ලක් මත  පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණයක්...

අර්චුනා ආයෙත් යකා නටලා

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයින් දෙදෙනෙකු යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා...

POPULAR ARTICLES

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

අත්අඩංගුවට ගත් තරුණයෙක් මිය ගිහින් – පහර දුන් බවට පොලීසියට චෝදනා

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු මිය ගොස් ඇති බවට ලද ලද පැමිණිල්ලක් මත  පානදුර පොලිස් අධිකාරී කාර්යාලය පරීක්ෂණයක්...

මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන සැකයක්

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මැතිව් කුනමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා වීමත් සමග එය නිවැරදි වන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවීම ඔහුට අත්හිටුවා...