24 C
Colombo
Sunday, February 16, 2025

අම්පාරේ කුඹුරු අක්කර 3,000ක් යටවෙලා

- Advertisement -

අම්පාර දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් කුඹුරු ඉඩම් අක්කර 3,000ක් පමණ ජලයෙන් යටවී ඇති බව ඉඩම් හා වාරිමාර්ග‍ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වතුර බැසයාමේ අඩුවක් තිබෙනව බවට වාර්තා වන බවයි.

අද (21) දින පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මේ අතර, අම්පාර දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා මෙහිදී කියා සිටියේ,

ජලයෙන් යටවූ කුඹුරු අක්කර 3,000කින් 1,000ක් පමණ ජලය බැස යාම හේතුවෙන් ආරක්ෂා වී ඇති බවයි.

එසේම තවත් කුඹුරු අක්කර 1,000ක් පමණ බේරා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව ද නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා මෙහිදී කියා සිටියා.

ඉඩම් හා වාරිමාර්ග‍ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සහ අම්පාර දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා අද දින පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වූවා.

ඉඩම් හා වාරිමාර්ග‍ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා කියා සිටියේ,

රටේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයිති වැව් ගොඩාක් වාන් දමමින් තිබෙනවා. රට පුරා ගංවතුර තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. විශේෂයෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ ගල්ඔය ආශ්‍රිතව ඉවුරු කැඩී යාමේ තත්ත්වයක් නිසා කුඹුරු අක්කර විශාල සංඛ්‍යාවක් යටවෙලා තියෙනවා. අද වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරපුවාම දැනගන්නට තිබුණේ වර්ෂාවේ යම් අඩුවත් තිබෙනවා. ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර ඉඩම් අක්කර 3,000කට ආසන්න සංඛ්‍යාවක් යටවෙලා තියෙනවා. වතුර බැසයාමේ අඩුවක් තිබෙනවා කියලා වාර්තා කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් වැඩිමනත් විදියට වාරිමාර්ග දෙපාර්තමේන්තුව මැදිහත්වෙලා කරුණු සොයා බලන්න සහ ක්‍රියාමාර්ග ගන්න.

අම්පාර දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා,

ගල්ඔය ගඟ සම්පූර්ණ දිග කි.මී. 50 ක් පමණ වෙනවා මුහුදට යනකං. කි.මී. 30 ආසන්නයේ දී නෙයිනකාඩු ප්‍රදේශයේ දී මේ වැව් බැම්ම බිඳී යාම නිසා ඒ ප්‍රදේශය ජලයෙන් යටවෙලා කුඹුරු අක්කර 3,000 ක් පමණ පූදින ගොයම, ඒ වගේම කිරට නැමුණු ගොයම යටවෙලා තියෙනවා. හැබැයි මේ මොහොත වෙනකොට කුඹුරු අක්කර 1,000ක් පමණ ජලය බැස යාම නිසා ආරක්ෂා වෙලා තියෙනවා. විශ්වාස කරනවා අපි තවත් කාලගුණ තත්ත්වයන් අනුව අපේ ඉංජිනේරු මහත්වරුන් කියන විදියට ඉදිරි කාලය තුළ තව අක්කර 1,000 ක් විතර අපිට බේරගන්න පුළුවන් වෙයි කියලා. කොහොම වුණත් කුඹුරු අක්කර 1,000කට වැඩි ප්‍රමාණයක් හානියට ලක්වෙලා තියෙනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES