28.4 C
Colombo
Wednesday, July 9, 2025

ගාල්ලේ පදික වෙළඳසැල් 34ක් කඩා ඉවත් කරලා

- Advertisement -

ගාල්ල තැපැල් කාර්යාලය ඉදිරිපිට සමුද්‍ර මාවතේ පිහිටි පදික වෙළඳසල් 34ක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි අද (27) කඩා ඉවත් කිරිමට පියවර ගත්තා.

අතිරේක මහේස්ත්‍රාත්වරිය පසුගිය වසරේ (2023) මාර්තු 16 වැනිදින වෙළඳසල් හිමියන්ට ඉවත්විමේ නියෝගය නිකුත්කර එම දේපලෙහි භුක්තිය කඩවත් සතර ප්‍රාදේශිය ලේකම්වරයාට බාර දෙන ලෙස නියෝග කර තිබෙනවා.

එහෙත් වෙළඳසල් හිමියන් ඉවත් නොවි සිටිම නිසා අධිකරණයේ රෙජිස්ටාර්වරිය සහ නියෝජ්‍ය පිස්කල්වරිය පැමිණ මෙසේ කඩා ඉවත් කිරිමට පියවර ගෙන තිබුණා.

වෙළඳසල් හිමියන් බොහෝ දෙනෙකු ඊයේ (26) රාත්‍රියේ සියලුම භාණ්ඩ ඉවත්කර ගෙන තිබු අතර සමහර වෙළඳසල් හිමියන් අද උදැසනද භාණ්ඩ ඉවත් කර ගත්තා.

භාණ්ඩ ඉවත්කර ගෙන ඉබි යතුරු දමා තිබු වෙළඳසල් වල ඉබි යතුරු නගර සභාවේ සේවකයින් විසින් කඩා ඉවත් කිරිමට පියවර ගෙන තිබුණා.

මෙම අවස්ථාවට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබු බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

ටෙක්සාස් ගංවතුරෙන් පුද්ගලයින් 161දෙනෙකු අතුරුදන්

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 109ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ තවත් පුද්ගලයින් 161 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි. මියගිය...

2030 දී ඩිජිටල් ආර්ථිකයක්

වසර 2030දී ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඩිජිටල්...

වාහන මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක්

වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි...

POPULAR ARTICLES