27 C
Colombo
Wednesday, March 19, 2025

ප්‍රාණ ඇපයට ගත් දුම්රිය මගීන් 346 ක් මුදා ගැනේ

- Advertisement -

පාකිස්ථානයේ සටන්කාමීන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් දුම්රිය මගීන් 346 දෙනෙකු මුදාගෙන තිබෙනවා.

බලොකිස්තාන් ප්‍රාන්තයේ ක්වෙටා සිට පෙෂාවර් බලා ධාවනය කෙරුණු ජෆාර් එක්ස්ප්‍රස් දුම්රිය, පෙරේදා (11) දහවල් කැරලිකරුවන් පිරිසකගේ ග්‍රහණයට ලක්වුණා.

එම අවස්ථාවේ දුම්රියේ සිටි මගීන් සංඛ්‍යාව, 400 කට අධිකයි.

පැය 48 ක් තුළ දේශපාලන සිරකරුවන් පිරිසක් නිදහස් නොකළහොත් මගීන් සමග දුම්රිය පුපුරුවා හරින බවට සටන්කාමීන් අනතුරු ඇඟවුවා.

පකිස්තාන ආරක්ෂක අංශ නිවේදනය කළේ , දැඩි පරිශ්‍රමයකින් දරා සිවිල් වැසියන් මුදා ගැනීමට හැකිවූ බවයි.

දුම්රිය අත්පත් කරගත් සටන්කාමීන් 33 දෙනාම ඝාතනය කළ බව ද පකිස්තාන බලධාරීන් සදහන් කළා.

දෙපාර්ශ්වය අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී ප්‍රාණ ඇපකරුවන් 27 දෙනෙකු මියගොස් තිබෙනවා.

‘බලොක් විමුක්ති හමුදාව’ නැමැති අදාළ කැරලිකරුවන් පිරිස දුම්රිය මාර්ගය පුපුරුවා හැරීම හේතුවෙන් ආරක්ෂක අංශ එම ප්‍රදේශයට ළඟාවූයේ දැඩි අසීරුතා මධ්‍යයේ යි.

RECENT ARTICLES - SINHALA

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ...

දේශබන්දු වහාම අත්අඩංගුවට ගන්න – වැඩබලන පොලිස්පති

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගැනීමට සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් කටයුතු කරන්නැයි වැඩබලන...

POPULAR ARTICLES

Breaking: දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ...

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දුට විවෘත වරෙන්තුවක්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු...