මහමැතිවරණයට අදාළව දැනට ස්වාධීන කණ්ඩායම් 37ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ, පසුගිය මස 25 වනදා සිට ඊයේ (01) දක්වා මෙම සංඛ්‍යාව වාර්තා වන බවයි.
මේ අතර, ලබන 26 වනදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 14 වනදා සිදු කෙරෙනවා.
ඊට අදාළව විශේෂ සලකුණු කිරීමේ දිනයක් ලෙස ලබන 18 වනදා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ඊට අදාළ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ලබන 17 වනදා වෙන් කර තිබෙනවා.