28.9 C
Colombo
Thursday, March 27, 2025

ඉන්දීය ධීවරයින් 37 දෙනෙකු නාවික හමුදා භාරයට

- Advertisement -

යාපනය, පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා 03ක් සමග ඉන්දීය ධීවරයින් 37 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීතිවිරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ මෙහෙයුම සිදු කළ බවයි.

කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ ඉන්දීය ධීවර යාත්‍රා 03 සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 37 දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිත ව තිබෙනවා.

පෙරේදා (21) දිනයේ දී මෙම මෙහෙයුම සිදු කර තිබුණේ උතුරු නාවික විධානය මගින්.

මේ සමග 2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 53ක් සහ ඉන්දීය ධීවරයින් 396ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ

RECENT ARTICLES - SINHALA

Breaking: චාමර සම්පත් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවකට අදාළව...

දළදා දැක්ම ගැන විශේෂ දැනුම්දීමක්

අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත සිරි දළදා දැක්මට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට රජය, මහනුවර නගර සභාව සහ දළදා මාළිගය හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට පවරා නැතැයි...

චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා. ඌව පළාත්...

POPULAR ARTICLES