28.4 C
Colombo
Saturday, June 21, 2025

ජලාශ 37ක් තවමත් වාන් මට්ටමේ

- Advertisement -

මහවැලි ඇතුළු ගංගා කිහිපයක පහළ ජලාධාර ප්‍රදේශවල තවදුරටත් ගංවතුර තත්ත්වයක් පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එස්.පී . සී සූගීෂ්වර මහතා සඳහන් කළේ, මහවැලි ගඟේ මනම්පිටියට පහළ ප්‍රදේශයේ තවදුරටත් ගංවතුර තත්ත්වයක් පවතින බවයි.

යාන් ඔය, යාන්ඔය ජලාශයට පහළ ප්‍රදේශයෙන් ද, දැදුරුඔය හලාවත ප්‍රදේශයෙන් ද , තවදුරටත් ගංවතුර මට්ටමේ පවතිනවා.

කෙසේ වෙතත්, එම ප්‍රදේශවල ගංවතුර සෙමෙන් බැස යමින් ඇතැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.

මේ අතර, මහා පරිමාණ ජලාශ 37 ක් හා මධ්‍යම පරිමාණ ජලාශ 90 ක් තවදුරටත් වාන්දමමින් පවතිනවා.

අධික වැසි සමග ඇතිවූ ආපදාවලින් මිය ගිය සංඛ්‍යාව 16 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ මේ වන විට 19 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

අධික වැසි සහිත කාලගුණයෙන් පුද්ගලයින් 465,746 තවදුරටත් බලපෑම් එල්ලවී තිබෙනවා.

සුරක්ෂිත මධ්‍යස්ථාන 245 ක පුද්ගලයින් 29,596 දෙනෙකු තවදුරටත් රඳවා තබා ගෙන ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙනවා.

නිවාස 98කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 2,333 ක්.

RECENT ARTICLES - SINHALA

අලුත් සූර්ය බලශක්ති පද්ධතිවලට ගාස්තු සංශෝධනයක්

ජුනි මස 16 වැනිදා කැබිනට් මණ්ඩල තීරණයකට අනුව අලුතින් ගිවිසුම්ගත වන සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝවොට් 5 දක්වා...

කරදර නොකර වැලි ගෙනියන්න දෙන්න: පොලිස් සැරයන්ලා අල්ලස් අරන්

රු. 25,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියකට චෝදනා ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු අල්ලස් කොමිසම විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලි ප්‍රවාහනය කිරීමේ...

බදුල්ලේ බස් රථයක් පෙරළී අනතුරක් – තිදෙනෙක් මරුට

Update: බදුල්ල - දුන්හිඳ වංගු දෙක ආසන්නයේ සිදුවූ බස් අනතුරින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තුවාල ලැබූ 27 දෙනෙකු රෝහලට. ........................................................................................................................ බදුල්ල දුන්හිඳ මාර්ගයේ මාර්ගයේ ගමන් ගත් බස්...

POPULAR ARTICLES

අලුත් සූර්ය බලශක්ති පද්ධතිවලට ගාස්තු සංශෝධනයක්

ජුනි මස 16 වැනිදා කැබිනට් මණ්ඩල තීරණයකට අනුව අලුතින් ගිවිසුම්ගත වන සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝවොට් 5 දක්වා...

කරදර නොකර වැලි ගෙනියන්න දෙන්න: පොලිස් සැරයන්ලා අල්ලස් අරන්

රු. 25,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියකට චෝදනා ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු අල්ලස් කොමිසම විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලි ප්‍රවාහනය කිරීමේ...

ඊශ්‍රායල ප්‍රහාර: දින 9කදී ඉරානයේ 400ක් මිය ගිහින්

ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ කළ ජුනි 13 වන දින සිට ඉරානයේ පුද්ගලයින් 400 කට වැඩි පිරිසක් මිය ගොස් 3000ක් පමණ තුවාල ලබා ඇති බව ඉරානය...