එළඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් 388 දෙනෙකුට ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබෙනවා.
බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සඳහන් කළේ, මෙලෙස ජනාධිපති සමාව හිමිවන රැඳවියන් අතරට කාන්තා රැඳවියන් සිදෙනෙක් ද සිටින බවයි.
මේ අතර වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් හමුවීම සඳහා මැයි මස 12 සහ 13 දිනවල අවස්ථාව සලසා දෙන බව බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවා.
එම දින දෙක තුළ පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ එම අවස්ථාව හිමිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර බන්ධාගාර වෙසක් කලාපය 12,13 හා 14 යන දින තුන තුළ දී බේස්ලයින් පාර බන්ධනාගාර මුලස්ථානය ඉදිරිපිට ක්‍රියාත්මක බව ද කොමසාරිස්වරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.