29.7 C
Colombo
Wednesday, April 24, 2024

ක්‍රිකට් තරඟය බලන්න පැමිණි 4 ක් අත්අඩංගුවට

- Advertisement -

ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ඊයේ (16) පැවැති ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයින් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරනවා.

ඔහු පවසන්නේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරීම නිසා මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත්වුණා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 220ක් රැස්කරගත්තා.

කෙසේවෙතත් 47 වන පන්දුවාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමග ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය ජයගැනීම සඳහා පන්දුවාර 43කදී ඔස්ට්‍රේලියාවට ලැබී තිබූ ඉලක්කය ලකුණු 216 ක්.

ඒ අනුව ඔස්ට්‍රේලියාව සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 189 ක් පමණයි.

RECENT ARTICLES - SINHALA

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

කෘෂිකර්මාන්තයට දෙන සහන මුදල් ලබන සතියේ ගොවින්ට

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව...

කොළඹ මාර්ග අවුල් ජාලයක් වෙලා

කොළඹ මාර්ග රැසක මේ වන විට දැඩි මාර්ග තදබදයක් ඇතැයි අප වාර්තාකරුවන් පවසනවා. ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් විටින් විට වසා දැමෙන බව...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...