නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද ඉඟුරු තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත් අඩංගුවට ගැනුණේ අවුරුදු 18, 34, 37 සහ 44 ක් වයස්වල පසු වන මදුරන්කුළිය සහ පුත්තලම ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.
කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් (01) උදෑසන කල්පිටිය පොලිස් වසමේ කන්දකුඩාව ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.
එහිදී ඔවුන් සතුව තිබී ඉඟුරු කිලෝග්‍රෑම් 1,839ක් සොයාගෙන තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.