31 C
Colombo
Friday, January 17, 2025

ගල් කොරියෙන් කෝටි 4ක පාඩුවක්

- Advertisement -

රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක් පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්.

බදුල්ල අම්පාර සහ මොනරාගල යන දිසාවන්හි ගල් කොරි හිමියන් මෙසේ ගෙවීම් පැහැර හැර තිබූ බව එම වාර්තාවේ දැක්වෙනවා.

බදුල්ලේ ගල් කොරි හිමියන් රුපියල් ලක්ෂ පනස් එකකට වැඩි මුදලක්ද අම්පාර ගල් කොරි හිමියන් තුන්කෝටි ගල් කොරියෙන් කෝටි 4ක පාඩුවක්

හතළිස් එක ලක්ෂයකට වැඩි මුදලක්ද මොනරාගල ගල් කොරි හිමියන් හැත්තෑ හය ලක්ෂයකට වැඩි මුදලක්ද මෙසේ ගෙවීම පැහැර හැර තිබූ බව විගණන කාර්යාලය පවසනවා.

මේ අතර නුවරඑළිය දිසාවන කාර්යාල බලප්‍රදේශයේ ඉදිකර ඇති දුරකතන සම්ප්‍රේෂණ කුළුණු හයක බලපත්‍ර අලුත් නොකිරීමෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට රුපියල් දෙකෝටියකට වැඩි ආදායමක් අහිමිව තිබූ බව වාර්තාවේ දැක්වෙනවා.

දෙපාර්තමේන්තුවේ ගිනි පාලන වැඩසටහන් හා ක්‍රමවේදයන් ප්‍රමාණවත් හා විධිමත් නොවීම හේතුවෙන් , ගිනි තැබීම් නිසා වාර්ෂිකව විශාල භූමි ප්‍රමාණයක් හානියට පත්වන බව නිරීක්ෂණයවී යැයි විගණන අංශ පවසනවා.

දෙපාර්තමේන්තුවේ විවිධ අංශවල පුරප්පාඩු 617 ක් පවතින බවද වාර්තාව සඳහන් කරනවා.

වලස්මුල්ල පැළ තවාන්වල සේවය සඳහා කම්කරුවන් 1059ක් යොදවා ගෙන ලක්ෂ 18කට වැඩි වැටුප් ගෙවා ඇති බවත් ඉන් දෙසීය දෙනෙකුගේ නම් ජාතික හැඳුනුම්පත් අංක ඡන්ද හිමි ලේඛනය සමග නිවැරදි නොවන බවට නිරීක්ෂණය වූ නිසා එම කම්කරුවන් සත්‍ය වශයෙන් ඒ කටයුතුවලට යොදාගත්තේදැයි සනාථ නොවන බවත් විගණන නිලධාරීන් පෙන්වා දෙනවා.

මේ තොරතුරු සඳහන් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේයි.

RECENT ARTICLES - SINHALA

අධිකරණයට අපහාස කළාට සුදාට නඩුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක...

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

දුම්රියේ සම්බාහන මැදිරිය ගැන විමර්ශනයක්

දුම්රිය මැදිරියක් තුළ විදෙස් සංචාරකයින් සම්බාහනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින්, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර...

POPULAR ARTICLES