රෝගින්ගේ මුඛය පිරිසිඳු කිරීම සඳහා භාවිත කරන විශබීජ නාශක බෝතල් ගෙන්වීමක් සඳහා, අසාදු ලේඛනගත කළ බංග්ලාදේශ සමාගමකට ටෙන්ඩර් ලබාදීමට රාජ්‍ය ඖෂධ සංස්ථාව අනුමත කර ඇති බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරනවා.
එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ඊයේ (11) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මෙම අදහස් පළකර සිටියා.
“බරපතළ ටෙන්ඩර් ගනුදෙනුවක් රාජ්‍ය ඖෂධ සංස්ථාව තුළ පසුගිය සති කිහිපය තුළ සිදුවෙලා තිබෙනවා. රෝගීන්ගේ මුඛ පිරිසිදු කිරීමට භාවිතකරන විෂබීජනාශක බෝතල් දෙලක්ෂ හැත්තෑ දහසක් මිලදී ගැනීමට පසුගිය වසරේ ජුනි මාසයේ රාජ්‍ය ඖෂධ සංස්ථාව ටෙන්ඩර් කැඳවලා. පසුගිය දෙසැම්බර් 12 වනදා මේ සම්බන්ධයෙන් ටෙන්ඩර් තීරණයක් ලබාදීලා. මිල අඩුම සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කරලා. මේ ටෙන්ඩරය ප්‍රධානය කරන විට මේ සමාගමට අදාළ සමාගම ලංකාවේ රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් තවදුරටත් මූල්‍ය ගනුදෙනු නොකළ යුතු බවට තීරණය කළ සමාගමක්. මේ සමාගම බංග්ලාදේශ සමාගමක් මෙම සමාගම මගින් ශ්‍රී ලංකා රජයට රු. මිලියන 127ක අධිභාරයක් අයවිය යුතු සමාගමක්.”