ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ කොවිඩ් 19 ආසාදිතයින් බොහෝ ප්‍රමාණයක් වාර්තා වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ප්‍රාන්ත බලධාරීන් ජනවතාවගෙන් ඉල්ලා සිටිනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම තත්වය හේතුවෙන් බියට පත් වීමෙන් වැළකී ආරක්ෂාකාරී පියවර අනුගමය කරන ලෙස කේරළ ප්‍රාන්ත බලධාරීන් ජනතාවට දැනුම් දී ඇති බවයි.
කොවිඩ් 19 වෛරසයේ උප ප්‍රභේදයක් වන ‘ජේ.එන්1’ (JN.1) කේරළ ප්‍රාන්තයෙන් හමු වීමත් සමඟ එහි ආසාදිතයන්ගේ ගණනෙහි වර්ධනයක් දක්නට ලැබුණා.
ජේ.එන්1 නමින් හැඳින්වෙන මෙම වෛරසය ආසාදිතයින් ඇමෙරිකාවෙන් සහ සිංගප්පූරුවෙන්ද හමුවී තිබෙනවා.
කෙසේවෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ අනුමැතිය සහිත සෑම කොවිඩ්- 19 එන්නතක්ම ජේ.එන්1 වෛරසයට එරෙහිව ආරක්ෂාව සපයන බවයි.
කේරළ ප්‍රාන්තය තුළ පමණක් මේ වන විට කොඩිඩ් රෝගීන් 1,324ක් වාර්තා වී ඇති අතර පසුගිය සෙනසුරාදා (16) එම ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 4ක් වාර්තා වුණා.
දෙසැම්බර් මස මුලදී කේරළයේ ප්‍රථම වරට ජේ.එන්1 වෛරසය ආසාදිත කාන්තාවක් හමු වී තිබුණා.
සෞඛ්‍ය අංශ පවසන්නේ, RT-PCR පරීක්ෂණයකින් අනතුරුව තිරුවෙන්දපුරම් දිස්ත්‍රික්කයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවකට මෙම රෝගය ආසාදනය වී ඇති බව තහවුරු කරගත් බවයි.
ඇය මුල් කාලය තුළ ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝගයක සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව ඉන් සුවය ලබා තිබුණා.
මේ අතර, ඉන්දියාවේ ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රාන්ත කිහිපයක රෝහල් කොවිඩ් රෝගයට මුහුණ දීම සඳහා ඇති සූදානම පරීක්ෂා කිරීම සඳහා පුහුණුවීම් සැසිද පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.