27.5 C
Colombo
Wednesday, October 4, 2023

අද පැය 4 ක විදුලි කප්පාදුවක්

- Advertisement -

අද (11) සහ හෙට (12) යන දෙදින තුළ පැය 4ක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

මෙම තීරණයට මහජන උපයෝගීතා කොමිසමද අදාළ අවසරය ලබාදී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කරනවා.

ඒ අනුව අද දිනයේ විදුලි කප්පාදුව උදෑසන 8.30 සිට රාත්‍රී 10.45 දක්වා අතර කාලය තුළ සිදුවනු ඇති.

ABCD කලාපවලට උදෑසන 8.30 සිට උදෑසන 10.45 දක්වා සහ සවස 5.30 සිට රාත්‍රී 7.15 දක්වා විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

D කලාපයට සහ EF කලාපවලට උදෑසන 10.45 සිට දහවල් 1 දක්වා පමණක් විදුලි කප්පාදුව සිදුකෙරේ.

දහවල් 1 සිට සවස 3.15 දක්වා GHI කලාපවලටත් 3.15 සිට 5.30 දක්වා JKL කලාපවලටත් රාත්‍රී 7.15 සිට 9 දක්වා EFGH කලාපවලටත් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.

මීට අමතරව රාත්‍රී 9 සිට රාත්‍රී 10.45 දක්වා IGKL කලාපවලට විදුලි කප්පාදුව සිදුකෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා.


RECENT ARTICLES - SINHALA

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...