33 C
Colombo
Friday, March 29, 2024

පාකිස්ථානයේ දරුවන්ට පල්වතුර

- Advertisement -

පාකිස්ථානයේ ඇති වූ ගංවතුර නිසා ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර මාස හතරකට වැඩි කාලයක් ගතවී ඇතත්, මිලියන හතරකට ආසන්න ළමුන් පිරිසක් තවමත් පාකිස්තානයේ දූෂිත හා එකතැන පල්වෙන ගංවතුර අසල ජීවත් වන බව යුනිසෙෆ් සංවිධානය අනාවරණය කරයි.

එමගින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය බරපතල ලෙස අවදානමට ලක් කර ඇති බවයි ඩෝන් යුනිසෙෆ් පෙන්වාදෙයි.

ගංවතුරින් පිඩාවට පත්වූ ප්‍රදේශවල රාත්‍රියේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක හතක් දක්වා පහත වැටෙන අතර, ජාකොබාබාද් වැනි ස්ථානවල බොහෝ පවුල්වලට පල්වෙන ගංවතුර ජලය අසල රෙදිකඩකින් පමණක් තම තාවකාලික නවාතැන් ආවරණය කරගනිමින් වාසය කරන බව පැවැසේ.

යුනිසෙෆ් සහ එහි හවුල්කාර සංවිධාන කඳුකර ප්‍රදේශවල වෙසෙන ළමුන්, කාන්තාවන් සහ පිරිමින් ඇතුළු 200,000ක් ජනතාවට සෞඛ්‍ය පහසුකම් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම ආරම්භ කර ඇති බව වාර්තා සඳහන් කරයි.

යුනිසෙෆ් සංවිධානය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ අපිරිසිදු ජලය හේතුවෙන් ළමුන් අතර උග්‍ර ශ්වසන ආසාදන දක්නට ලැබෙන බවයි.

එසේම, පාකිස්තානයේ ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල දැඩි උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් සංඛ්‍යාව 2021 ට සාපේක්ෂව ජූලි සිට දෙසැම්බර් දක්වා දෙගුණයකට ආසන්න වන බව ඇස්තමේන්තු කර තිබේ.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට නව නීති

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ...

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට අලුත් බද්දක්

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බවත් දේශිය ගොවීන් සහ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...