පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා සංවිධාන 04කට වැඩි සංඛ්‍යාවකට අවසර ලබා දෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව පැෆ්රල්, කැෆේ, සී.එම්,ඊ.වී ඇතුළු සංවිධානවලට මෙලෙස මැතිවරණය නිරීක්ෂණය සඳහා අවසර ලබා දෙන බවයි මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කියා සිටියේ.
කෙසේ නමුත් ඡන්ද මධ්‍යස්ථානය තුළට පිවිසි නිරීක්ෂණ කටයුතු සඳහා අවසර ලබාදී ඇත්තේ නිරීක්ෂණ කණ්ඩායම් දෙකකට පමණක් බවද ඔහු එහිදී සඳහන් කළා.
සභාපතිවරයා ප්‍රකාශ කළේ අනෙක් සංවිධාන බාහිරව නිරීක්ෂණ කටයුතුවල නිරතවන බවයි.
මේ අතර , පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ස්වාධීන නිරීක්ෂකයින් 7000ක් යොදවන අතර දැනට දිස්ත්‍රික් මට්ටමින් යොදවා ඇති මැතිවරණ නිරීක්ෂකයින් ඉදිරි සතියේ සිට වැඩි කිරීමට පියවර ගන්නා බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළා.