30.6 C
Colombo
Sunday, July 13, 2025

සත්ව කොටස් අලෙවි කරන්න ගිය පාසල් සිසුවෙක් ඇතුළු 4ක් පොලිස් දැලේ

- Advertisement -

නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයෙදී , තවත් සැකරුවන් සිව්දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් හමුදා බුද්ධි නිළධාරීන්ට ලැබුන තොරතුරකට අනුව කරුවලගස්වැව හා කුරුණෑගල වනජීවි නිළධාරීන් විසින් ඒකාබද්ධව කල මෙහෙයුමකදි මොවුන් අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩවලව හා කෑගල්ල දෙනාලේගම ,කටුනායක යන පදිංචි සැකකරුවන් සිව්දෙනෙක්.

මෙම සැකකරුවන් අතර උසස් පෙළ හදාරණ සිසුවෙකුද සිටින බව පරික්ෂණ වලදි හෙළිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සත්ව කොටස් අතර මුව අං තට්ටු නවයක්,තනි මුව අං තට්ටු එකක්,ගෝන අං තට්ටු එකක් කුළු මී හරක් අං තට්ටුවක් හා අලෙවි කිරිමට තහනම් king conch seashell වාලම්පුරියක් මුහුදු බෙල්ලන් දෙදෙනෙක් සිට තිබුණා.

මෙම සැකකරුවන්ගේ ජංගම දුරකථන 05 ක් හා සැකකරුවන් අදාල දෑ රැගෙන ඒමට යොදා ගත් වැගන් ආර් රථයක්,ත්‍රි රෝද රථයක් හා යතුරු පැදියක් ඇතුළු දෑ ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පියුමිගෙ පුතාට ඇප දීලා

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  රාජගිරිය...

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

POPULAR ARTICLES