28.4 C
Colombo
Sunday, May 18, 2025

EPF සම්බන්ධ පෙත්සම් 4ක් ප්‍රතික්ෂේප කෙරේ

- Advertisement -

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් භාණ්ඩාගාර බිල්පත්වල සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය 9 % දක්වා අඩු කිරීමට ගෙන තිබූ තීරණය තුළින් එහි සාමාජිකයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් 4ක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (30)විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළා.

ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී පෙත්සම් සලකා බලා තිබුණා.

ඒ සම්බන්ධව මූලික විරෝධතා ඉදිරිපත් කරමින් නීතීපතිවරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වය මෙහිදී පැවසුවේ, මෙම කරුණ මතම පදනම්ව ගොනු වී තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් මීට පෙරද අධිකරණයෙන් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කළ බවයි.

එබැවින් මෙම පෙත්සම් ද පවත්වාගෙන යාමේ හැකියාවක් නැති බව වගඋත්තරකාර පාර්ශ්වය නියෝජනය කරමින් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ පවසා සිටියා.

එම මූලික විරෝධත පිළිගත් විනිසුරු මඬුල්ල පෙත්සම් විභාගයට අවසර නොදීම පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළා.

මෙම පෙත්සම් කටුනායක නිදහස් වෙළෙඳ කලාප සේවක සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ඉදිරිපත් කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

නලින්ද ස්විට්සර්ලන්තයට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට අදාල...

කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවලා

0
කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මියගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. ඒ එම අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයෙක් සමඟ පැවති සබදතාවයක්,, ඇතැම් පාර්ශ්ව වෙත...

POPULAR ARTICLES

ඇමෙරිකාවේ සුළිකුණාටුවකින් 25ක් මරුට

අමෙරිකාවේ - කෙන්ටකි ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ සුළිකුණාටුවකින් මේ වන විට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බලපා ඇති සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් ප්‍රාන්තයේ...

නලින්ද ස්විට්සර්ලන්තයට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා...