25 C
Colombo
Thursday, January 16, 2025

කටුනායකට පැමිණි ගුවන් යානා 4ක් හරවා යවලා

- Advertisement -

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්වීමට පැමිණි ගුවන් යානා 4ක් වෙනත් ගුවන්තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (07) අලුයම පැවති දැඩි මීදුම් සහිත තත්ත්වය හේතුවෙන්.

එහිදී මෙම ගුවන් යානා  මත්තල ගුවන්තොටුපොළට සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපොළ වෙත යොමු කර තිබෙනවා.

ඩුබායි, චීනය, ඉන්දියාව සහ තුර්කියේ සිට පැමිණි ගුවන් යානා මෙලෙස හරවා යැවීමට පියවර ගෙන තිබුණා.

කෙසේවෙතත්, අද උදෑසන 07.00 පමණ වනවිට කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයේ පැවති ඝන මීදුම් තත්ත්වය ක්‍රමයෙන් පහව ගොස් තිබූ අතර, ඉන්පසුව කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි සියලුම ගුවන් යානා සාමාන්‍ය පරිදි කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES