24 C
Colombo
Sunday, February 16, 2025

කසිප්පු අල්ලන්න ඔරුවෙන් ගිය පොලිසියේ 4ක් වැවට වැටිලා

- Advertisement -

නීති විරෝධී මත්පැන් ජාවාරමක් පිළිබද විමර්ශනය කිරීම සදහා ධීවරයකුට අයත් ඔරුවකින් අම්පාර කොන්ඩුවටුවාන වැවෙන් එගොඩවීමට ගිය අම්පාර පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් හතර දෙනෙක් ඔරුව පෙරැළී වතුරට වැටීමෙන් ස්ථානාධිපතිවරයා සන්තකයේ තිබූ පිස්තෝල ගිනි අවියක් හා උණ්ඩ 10 ක් අඩංගු මැගසිනයක් වැවට වැටී ඇති බව අම්පාර පොලිසිය පවසනවා.

අම්පාර කොනඩුවටුවාන වැවෙන් එගොඩ කොටසේ නීති විරෝධී මත්පැන් පෙරුම්පොළක් පවත්වාගෙන යන බවට පොලිසියට ලද තොරතුරක් මත අම්පාර පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා ඇතුළු නිලධාරීන් සිව්දෙනක් මෙම වැටලීමට සහභාගි වී තිබුණා.

එහිදී කොන්ඩුවටුවාන වැවෙන් එගොඩවීම සදහා ධීවරයකුගේ ඔරුවකින් ගමන් සිටියදී ඔරුව පෙරැළී තිබුණා.

කෙසේ වෙතත් අම්පාර නාවකි හමුදා කදුවරේ නිලධාරීන් කණ්ඩායමක් අද (13) දින වනවිටත් ගිනි අවිය සහ උණ්ඩ සොයා විමර්ශන සිදුකරනු ලබනවා.

අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES