27 C
Colombo
Thursday, April 24, 2025

Breaking : රාජ්‍ය අමාත්‍යවරු 4 ක් දොට්ට

- Advertisement -

වරාය සහ ගුවන්සේවා සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, විදුලි හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් යන අය වහාම ක්‍රියාත්මක වන පරිදි නිල වශයෙන් සිය ධුරවලින් ඉවත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3) (අ) ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අධිකාරිය යටතේ මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

අදාළ රාජ්‍ය අමාත්‍යවරුන් සියලු දෙනාම මෙවර ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ මහතාට සහය පලකරන රාජ්‍ය අමාත්‍යවරුන්වීම විශේෂත්වයක්.

ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකරන බව පැවසුවද පසුව ඔහු යළිත් රාජපක්ෂලාගේ සෙවණට පැමිණ නාමල් රාජපක්ෂ මහතාට සහය දක්වන බව පසුගියදා ප්‍රකාශ කර සිටියා.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES