25 C
Colombo
Tuesday, April 29, 2025

සමාජශාලා ගැටුමට සැකකරුවන් 4ක් මාට්ටු

- Advertisement -

කොළඹ රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට ඇති වූ ගැටුමට අදාලව පොලිසියට භාර වූ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් තිදෙනෙකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යයාංශයට අද භාර වුණා.

එම ගැටුමෙන් අදාළ ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියෙකු පහර කෑමට ලක්ව තුවාල ලැබූ අතර ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා.

එම ගැටුම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂගෙන් පැය 3කට ආසන්න කාලයක් පොලිසිය ප්‍රකාශය ලබා ගත්තා.

පසුගිය 22 වැනිදා අළුයම යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ බිරිඳ ඇතුළු මෙම පිරිස සමාජ ශාලා පරිශ්‍රයට ඇතුළු වීමේදී, හඳුනා ගැනීමේ අත්පළඳනා පැළඳගන්නා ලෙස සමාජ ශාලා ආරක්ෂකයින් පවසා තිබුණා.

පොලීසිය සඳහන් කළේ, මෙහිදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පහරදීම සිදුවූ බවයි.


RECENT ARTICLES - SINHALA

සැකකටයුතු කන්ටේනර් මුදා හැරීම ගැන චෝදනාවක්

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු  කන්ටේනර් 323ක් හිටි හැටියේ  පිට කිරීම බරපතළ  සැකයට තුඩු දෙන කාරණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

වෙසක් දන්සල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා....

තැපැල් ඡන්ද විමසීම අදින් අවසන්

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද අවසන් වනවා. ඒ අනුව අදත් පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා තැපැල් ඡන්දය සළකුණු කළ...

POPULAR ARTICLES

සැකකටයුතු කන්ටේනර් මුදා හැරීම ගැන චෝදනාවක්

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු  කන්ටේනර් 323ක් හිටි හැටියේ  පිට කිරීම බරපතළ  සැකයට තුඩු දෙන කාරණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

වෙසක් දන්සල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා....

ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක්

ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ , ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ප්‍රදේශ රැසක විදුලිය බිදවැටීම හේතුවෙන්. ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර විදුලිබල පද්ධතියේ...