26 C
Colombo
Friday, February 14, 2025

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

- Advertisement -

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද රථයේ රියදුරු ද සිටින බවයි පැවසෙන්නේ.

මීට අමරව අනෙක් සැකකරුවන් දෙදෙනා අතර මීටපෙර අඩම්පන් ප්‍රදේශයේ දී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුද සිටින බව සඳහන්.

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී පසුගිය 16 වනදා සිදුකළ වෙඩිතැබීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබූ අතර ඉන් දෙදෙනෙකු මන්නාරම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබුණා.

වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත්තේ මන්නාරම, උයිලන්කුලම ප්‍රදේශයේ සිදුවු ඝාතන සිද්ධීන් දෙකකට අදාළ නඩුවක් සඳහා පෙනීසිටීමට මන්නාරම අධිකරණයට පැමිණි පිරිසක්.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණා.

උයිලන්කුලම ප්‍රදේශයේ දෙපිරිසක් අතර දීර්ඝ කාලයක සිට ගැටුමක් පවතින බවත් 2022 වසරේ දී ඝාතන දෙකක්, 2023 වසරේ දී ඝාතන 2ක් සිදුවී තිබෙනවා.

2022.06.10 වන දින උයිලන්කුලම ප්‍රදේශයේදී තිරික්කල් තරගයක් පවත්වා ඇති අතර එහිදී ඇතිවූ සිද්ධියක් මුල් කරගෙන සහෝදරයින් දෙදෙනෙක් වෙඩිතබා ඝාතනය කර තිබුණා.

එම සිද්ධියට අදාළ නඩු විභාගය පසුගිය 16වනදා මන්නාරම අධිකරණයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එම අවස්ථාවේදී මෙම ද්විත්ව ඝාතනය සිදුකර තිබුණා.

RECENT ARTICLES - SINHALA

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,...