මහියංගනය – වදකහදෝව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට අදාළව සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වදකහදෝව ප්‍රදේශයේ හේන්යායක දී වයස අවුරුදු 44ක පුද්ගලයෙකු සැකකටයුතු ලෙස වෙඩි වැදී මියගොස් තිබුනේ ඉකුත් 02 වැනිදායි.
මහියංගනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළා.
මියගොස් සිටි පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග බිම්මල් කැඩීමට ගොස් සිටියදී ඔවුන් අතර සිටි පුද්ගලයෙකු ළඟ තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් මෙම මරණය සිදුව ඇති බවටයි මූලික පරීක්ෂනවලදී හෙළිවුණේ.
මෙය ඝාතනයක් බවට ද කරුණු හෙළිවී තිබෙනවා.
ඒ අනුව සිද්ධියට අදාළ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් අවුරුදු 36 / 44 සහ 51 යන වයස් කාණ්ඩවල පසුවන්නන්.