ඉන්දියාව මගින් ශ්‍රීලංකාවට පරිත්‍යාග කළ සුවසැරිය ගිලන් රථ සේවය බදු ගිලන් රථ ප්‍රදානයක් බංගලාදේශය වෙත ද ලබා දී ඇතැයි වාර්තා වේ.
පසුගිය මාර්තු මාසයේ බංගලාදේශයේ සංචාරයක නිරත වූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ බංගලාදේශය සෞඛ්‍ය සේවා නැංවීම සදහා ගිලන් රථ ප්‍රදානයක් සිදු කරන බවයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට ලබාදී ඇති ආකාරයේ වෙන්ටිලේටර් පහසුකම් සහිත ගිලන් රථ 109 ක් බංගලාදේශය වෙත ලබාදීමට තීරණය වී තිබිණ.
බංගලාදේශ මාධ්‍ය වාර්තා කළේ මේ වන විට ඉන් ගිලන් රථ 71 ක් බංගලාදේශය වෙත ලබාදී ඇති බවයි.
සෙසු ගිලන් රථ ප්‍රමාණයද සැප්තැම්බර් මස මැද භාගය වන විට බංගලාදේශය වෙත ලබාදීමට ඉන්දීය බලධාරීන් සැලසුම් කර ඇති බව එරට මාධ්‍ය වාර්තාවල දැක්වේ.