30.4 C
Colombo
Wednesday, April 24, 2024

ජාතික කෞතුකාගාරයට මිලියන 40ක තණකොළ

- Advertisement -

ජාතික කෞතුකාගාරය ගොඩනැගිලි පිහිටි භූමියේ තණ පිඩැලි ඇල්ලීමට රුපියල් මිලියන 40ක් ( කෝටි 04 ) වැය කිරීමට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ කෞතුකාගාර ගොඩනැගිල්ල පිහිටි භූමියේ දැනට අල්ලා ඇති තණ කොළ ඉඩෝරය පවතින කාලවලදී වියළීයාම මෙම නව තණ පිඩැලි ඇල්ලීමට හේතු වී ඇති බවයි.

ඒ අනුව රජය මගින් ලබාදෙන මහජන මුදල් යොදාගනිමින් අක්කර හතක ප්‍රදේශයක් තුළ තණ පිඩැලි ඇල්ලීම සිදුකරන අතර ඒ සඳහා අවශ්‍ය සැලසුම් හා උපදෙස් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලබා දී තිබේ.

අදියර දෙකක් යටතේ සිදුකරන මෙම කටයුත්තේ පළමු අදියර එළැඹෙන ජනවාරි මාසය වන විට අවසන් කර දෙවැනි අදියර ආරම්භ කිරීමට සුදානම් බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ( සංස්කෘතික ) සෙනරත් වික්‍රමසිංහ මහතා පවසන්නේ තණ පිඩැලි ඇල්ලීමෙන් පසු එම භූමිය උද්භිත උද්‍යානයක් ලෙස අලංකාර කර දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගන්නා ස්ථානයක් බවට පත්කරන බවයි.

RECENT ARTICLES - SINHALA

සිරිසේනට ස්ථිර අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නිදහස් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (24) තවත් වාරණ නියෝගයක් නිකුත් කළා. ඒ එම පක්ෂයේ හිටපු...

දුමින්ද, ලසන්ත සහ මහින්ද ඉවත් කිරීමට එරෙහි වාරණය යළි දීර්ඝ කෙරේ 

අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම...

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය ගැන පොලිසියට සැකයක්

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරාධපු පොලිසියේ උප පොලිස් පරීක්ෂක එස්. නන්දසේන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...