27 C
Colombo
Saturday, October 12, 2024

රජයේ වාහන 4000ක් අතුරුදන්

- Advertisement -

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති බැවින් ජාතික විගණන කාර්යාලය සියලුම රජයේ ආයතන ආවරණය වන පරිදි විශේෂ විගණනයක් ඊයේ (27) ආරම්භ කර තිබෙනවා.

මෙම විගණනයෙන් පසු අතුරුදන් හෝ අස්ථානගත රජයේ වාහන සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා කියාසිටි බව ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කර තිබෙනවා.

කොළඹ ගාලු මුවදොර පිටියේ දමා ගොස් තිබූ සුඛෝපභෝගී වාහන 110 සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහාද විශේෂ විගණන කණ්ඩායමක් එහි පිටත් කර යැවූ බවයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සමග එක්ව එම විමර්ශනය පවත්වාගෙන යන බව පවසන විගණකාධිපතිවරයා එම වාහන සත්‍ය වශයෙන් පාවිච්චි කළේ කවුදැයි සොයා ගැනීමට අදාල තොරතුරු පරීක්ෂාවද ආරම්භ කළ බව පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන 1794ක් අතුරුදන්ව හෝ අස්ථානගතව ඇතැයි තොරතුරු හෙළිවී ඇති අතර ඊට මෝටර් රථ 679ක් සහ යතුරුපැදි 1115ක් ඇතුළත්.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් වාහන 212ක්ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 880ක්ද තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වාහන 45 ක්ද අතුරුදන්ව හෝ අස්ථානගතව හෝ ඇති බව විගණන විමර්ශන වලදී හෙළි වී තිබෙනවා.

ඇතැම් රජයේ වාහන වලට අදාල ලිය කියවිලි පවා අස්ථානගතව ඇති හෙයින් එම වාහන පිළිබඳව තොරතුරු සොයා ගැනීම ලොකු අභියෝගයක් වී ඇති බවයි විගණන නිලධාරීන් පෙන්වාදෙන්නේ.

මේ අතර, රට විරුවන්ට වාහන පර්මිට් 1077ක් ලබාදීමේදීද අක්‍රමිකතා රැසක් සිදුව ඇතැයි තොරතුරු අනාවරණය වූ බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

ඒ සම්බන්ධයෙන්ද සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට භාර දුන් බව විගණකාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

දුම්රියේ ගැටුණු දරුවෙක් සහ තවත් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයින් තිදෙනෙකු ජීවිත්කෂයට පත්වී තිබෙනවා. අද (12) සවස කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී මෙම අනතුර සිදුව තිබුණා. එහිදි  මෙම පුද්ගලයින්...

Breaking: CID ලොක්කෙක්ට හදිසියේ ස්ථාන මාරුවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට ස්ථාන මාරු කර තිබෙනවා. මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඇතුළු...

Breaking: අපරාධ සිදුවීම් රැසක් ගැන පොලිස් විමර්ශන කඩිනම් කිරීමට උපදෙස්

අපරාධ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන කඩිනම් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය විශේෂ නියෝගයක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසනවා. මහ...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

අනුර අතඇරලා ගිය කමල්

ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහමැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිතයි. දෙවන පරපුර පක්ෂය අද (09) තලවතුගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ...

ගම්පහ ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානමක්

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් යොමුකරමින් දන්වා සිටිනවා. එම නිවේදනය අනුව අත්තනගලු...