24 C
Colombo
Thursday, February 13, 2025

අවුරුද්දකට පිළිකා රෝගීන් 40,000ක්

- Advertisement -

වසරකට මෙරට තුළ පිළිකා රෝගීන් 40,000ක් පමණ වාර්තා වන බවත් ඉන් පිළිකා රෝගීන් 1000කට අධික සංඛ්‍යාවක් ළමා රෝගීන් බවත් මහරගම අපේක්ෂා රෝහලේ රුධිරගත පිළිකා සහ රුධිර ජනක සෛල බද්ධය විශේෂණ සහ ශ්‍රී ලංකා පිළිකා විශේෂඥයින්ගේ විද්‍යායතනයේ ලේඛකාධිකාරී වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා පවසනවා

හෙට (04) දිනට යෙදී ඇති ලෝක පිළිකා දිනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් වෛද්‍යවරයා මේ බව කියා සිටියා.

දරුවන් අතර මේ වනවිට ශීඝ්‍රයෙන් පිළිකා රෝගය ඇතිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර කාන්තාවන් අතර ද මෙය ජනප්‍රිය මට්ටමේ රෝග තත්ත්වයක් බවට පත් ව ඇත්තේ පියයුරු පිළිකා වර්ධනය වීම හේතුවෙන් බවද පැවසෙනවා.

වෛද්‍ය බුද්ධික මහතා පෙන්වාදෙන්නේ, පිරිමි පාර්ශ්වය අතර ඇත්තේ වැඩි වශයෙන් මුඛ පිළිකා බවයි.

දුම්පානය, වැරදි ආහාර රටාවන්, ස්ථූලතාව වැඩිහිටි පිළිකා වැළඳීමේ අවදානම දුරු කරගැනීමට අනුගමනය කළ හැකි වුවද දරුවන් අතර පවතින පිළිකා නවත්වා ගැනීමට ක්‍රමයක් නොමැති බව ද වෛද්‍යවරයා පවසනවා.

අනුගමනය කරන ජීවන රටා හේතුවෙන් දරුවන් හට පිළිකානො වැළඳෙන බව පවසන වෛද්‍ය බුද්ධික මහතා පෙන්වාදෙන්නේ දරුවන් අතර වැඩි වශයෙන් ම ලියුකේමියා රෝගය දක්නට ලැබෙන බවත් රෝග ලක්ෂණ දුටුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය බවයි.

RECENT ARTICLES - SINHALA

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් පවසා සිටියා...

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

POPULAR ARTICLES