28 C
Colombo
Thursday, September 19, 2024

මාස දෙකට ළමා අපයෝජන 4,380ක්

- Advertisement -

මේ වසරේ ජූනි මස සිට මේ දක්වා ළමා අපයෝජන 4380ක් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා වී ඇතැයි කාන්තා ළමා කටයුතු සහ සවිබල ගැන්වීමේ අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ඇය මේ බව අනාවරණය කළා ය.

1938 කාන්තා උපකාරක දුරකතන සේවයට වාර්තා වී ඇති කාන්තා හිංසන පැමිණිලි සංඛ්‍යාව ජූනි සිට මේ දක්වා 1206ක් බව ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළා.

ඒ අනුව, 2019 ළමා අපයෝජන 8,558ක් සහ දුරකතන පැමිණිලි 1,806ක් ද 2020 වසරේ ළමා අපයෝජන 8,165ක් හා දුරකතන පැමිණිලි 3,771ක් ද 2021 වසරේ අපයෝජන 11,187ක් ද දුරකතන පැමිණිලි 4,976ක් ද 2022 වසරේ අපයෝජන 10,497ක් ද දුරකතන පැමිණිලි 2,539ක් ද 2023 වසරේ අපයෝජන 9,673ක් සහ දුරකතන පැමිණිලි 2,990ක් වාර්තා වී ඇති බව අමාත්‍යවරිය පෙන්වා දුන්නා.

එමෙන්ම, ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ දත්ත පද්ධතියට අනුව මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති පැමිණිලි සංඛ්‍යාව දෙදහස් විසිතුන වසරේ 430ක් ද අධිකරණයට කරුණු වාර්තා කර ඇති පැමිණිලි ප්‍රමාණය 2024 ජනවාරි 1 සිට ජූනි 30 දක්වා 86ක් බව ද කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් පැවැසුවා.

RECENT ARTICLES - SINHALA

ඡන්ද කාඩ්පත ඔන්ලයින් ගන්නේ මෙහෙම

නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් සපයා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක්...

මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය වූ ධීවරයෙක් ජාතික රෝහලට

මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී එම ධීවරයාව මෙලෙස මාළුවකු...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...