24 C
Colombo
Sunday, December 10, 2023

රුසියානු සංචාරකයින් 44 ක් දිවයිනට

- Advertisement -

ඇමරිකානු ඩොලර් බිලියනයක ඉලක්කයක් සපුරාගැනීම සදහා ක්‍රියාත්මක “රුසියානු සංචාරක බුබුළ” සංකල්පයට අනුව අද (09) රුසියානු සංචාරකයින් 44 දෙනෙක් දිවයිනට පැමිණ තිබෙනවා.

රුසියාවේ මොස්කව් නගරයේ සිට පැමිණි ගුවන්යානයකින් දිවයිනට පැමිණි මෙම සංචාරකයින් සංචාරක බුබුලක් ඔස්සේ දිවයිනේ ස්ථාන රැසක සංචාරය කිරීමට නියමිතයි.

මෙම වැඩසටහන යටතේ මීට පෙර අගෝස්තු පළමුවැනිදා රුසියානු ජාතිකයින් 30 ක් රැගත් ගුවන් යානයක් දිවයිනට පැමිණියා.

මෙය සංවිධානය කරන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසන්නේ මෙම වැඩසටහන යටතේ රුසියානු සංචාරකයන් 6144 දෙනෙක් දිවයිනට පැමිණීමට නියමිත බවයි.

ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බව ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.

සංචාරකයන්ට ශ්‍රීලංකාවට පැමිණීම පීඩාකාරී නොවන ආකාරයට සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක වියයුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අංශ සමග පැවැති සාකච්ඡාවක දී අවධාරණය කළා.

කෙසේ වෙතත් උදයංග වීරතුංග මහතා මීට පෙර අවස්ථාවක සඳහන් කළේ රුසියානු ජාතිකයන්ගෙන් 20% පිරිසක් පමණක් කොවිඩ් වැක්සීනය භාවිතා කර ඇති බවත් බහුතර රුසියානුවන් මෙම වැක්සීනය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කරන බවත්ය.


RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...