32 C
Colombo
Friday, March 29, 2024

ශ්‍රී ලාංකික කාන්තාවන් 45ක් ඕමානයේදී වෙන්දේසි වේ..!

- Advertisement -

ගෘහ සේවිකාවන් ලෙස ඕමානයට යවන ලද ශ්‍රී ලාංකික කාන්තාවන්, ගණිකාවන් ලෙස සේවය කිරීම සඳහා වෙන්දේසි කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

සංචාරක වීසා ලබා දෙමින් ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයට රැකියා සඳහා යවා අපයෝජනයට ලක්කරන බවට තොරතුරු ලැබීමෙන් පසු මේ සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කළ බවයි ඔහු කියා සිටියේ.

ඕමානයට පැමිණීමෙන් පසුව ඔවුන්ට පොරොන්දු වූ පරිදි රැකියා ලබා නොදෙන අතර, ඒ වෙනුවට ගණිකා සේවය සඳහා වෙන්දේසියේ විකුණනු ලබන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඕමානයේ නියෝජිතයන් සමඟ සම්බන්ධකම් ඇති මෙරට රැකියා නියෝජිතායතන මගින් මිනිස් ජාවාරම සිදු කරන බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව වැඩිදුරටත් කියා සිටියේ එම ජාවාරම පිළිබඳ තවත් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් සිදුකරන බවයි.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රහස් පරීක්ෂක කණ්ඩායමක් ඕමානයට ගොස් ඇත්තේ දැනට පවතින පරීක්ෂණවලට අදාලව බවත් මෙම මිනිස් ජාවාරම නිසා ඕමානයේ කොටු වී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 45 දෙනෙකු මෙම කණ්ඩායමට හමුවී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කරනවා.

ඕමානයට ගිය කාන්තාවන්ව ඔවුන්ගේ වයස සහ පෙනුම අනුව පෙළගස්වා ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීම සඳහා වෙන්දේසි මගින් අලෙවි කරන බව CID සංචාරයේදී අනාවරණය වී ඇති අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ විමර්ශන කණ්ඩායමට හමුවූ කාන්තාවන් 45 දෙනා මේ වනවිට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂිත මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වාර්තාව ලැබුණු පසු අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කර ඇති බවත් වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...