27.8 C
Colombo
Monday, June 23, 2025

ඉන්දියාවේ ආගමික උත්සවයක් අතරතුර දියේ ගිලී 46ක් මරුට

- Advertisement -

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ‘Jivitputrika’ නම් හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම 46 දෙනාගෙන් 37දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන් බව වාර්තා වනවා.

මෙය ඉන්දියාවේ ප්‍රධාන හින්දු ආගමික උත්සවයක් වන අතර, කුඩා දරුවන්ටත්, ඔවුන්ගේ මවුවරුන්ටත් ආශිර්වාද කිරීම මෙයින් සිදුවෙනවා.

දිස්ත්‍රික්ක රැසකින් හින්දු බැතිමත්හු මෙම ආගමික උත්සවයට සහභාගී වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, දියේ ගිලී මියගිය පිරිස අතර දිස්ත්‍රික්ක 15 කින් ආ බැතිමතුන් සිටින බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය කාලයේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙන් ගංගා සියල්ල පිටාර ගලන මට්ටමට පත්ව ඇති බවත් ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබූ බවයි.

ඒ ගැන නොසලකා දියට බැස පුජාවට එක් වීමට උත්සාහ කළ බැතිමතුන් මෙසේ දියේ ගිලී මියගිය බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්

බැටරිය සහිත වහළ මත සවිකරන සුර්ය කෝෂ පද්ධති සදහා කරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න...

POPULAR ARTICLES

පිල්ලෙයාන්ට ඇපදීමක් ගැන හිතලාවත් නැහැ-  නීතිපති දෙපාර්තමේන්තුව

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍යයේ එල්ල කර තිබෙන අභූත චෝදනා පිළිබදව විමර්ශනයක් අවශ්‍ය බව, නීතිපති පාරින්ද රණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්...

හෝමූස් වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

ඉරාන පාර්ලිමේන්තුව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට අද (22) ඡන්දය ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් තෙල් අපනයනය...

බදුල්ල – දුන්හිද බස් අනතුරට හේතුව මෙන්න

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී...