28.3 C
Colombo
Wednesday, April 24, 2024

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් කොවිඩ් ආසාදිතයින් 474ක්

- Advertisement -

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ සේවකයින් 1200 දෙනෙකුගේ සිදුකළ PCR පරීක්ෂණ වලින් ආසාදිතයින් 474 දෙනෙකු හමුව ඇති බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරනවා.

ඔහු පවසන්නේ, ඉන්ධන පිරිපහදුවේ වසර 03 කට වරක් සිදුකරනු ලබන නඩත්තු කිරීමේ කටයුතු සඳහා බඳවා ගනු ලැබූ තාවකාලික සේවකයින් 400 දෙනෙකු පසුගියදා බඳවා ගෙන ඇති බවත් එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ලබාදුන් උපදෙස් නිසිපරිදි ක්‍රියාත්මක නොවී ඇති බවටයි.

මෙලෙස බඳවා ගනු ලැබූ තාවකාලික සේවකයින් දින 14ක කාලයක් නිරෝධායනය නොකර ඇන්ටිජන් පරීක්ෂණ පමණක් සිදුකර සේවයට යොදවා ඇති බවත් එහිදී තිදෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නිසි ලෙස දැනුම් දීමක් සිදුකර නොමැති බවත් උපුල් රෝහණ මහතා පවසනවා.

පසුව පිරිපහදුවේ සේවය කරනු ලබන සේවකයින්ගේ දැනුම් දීමක් අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉන්ධන පිරිහදුවේ සේවකයින් පිරිසකගේ සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් සේවකයින් 20 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර පසුව එහි සිටි සේවකයින් 1200 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකරනු ලැබුවා.

එහිදී මේ දක්වා ලැබී ඇති පරීක්ෂණ ප්‍රතිපල අනුව සේවකයින් 474 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවත් ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත උපදෙස් ලබාදී ඇති බවත් උපුල් රෝහණ මහතා සදහන් කළා.

මේ වන විට ඉන්ධන පිරිපහදුවේ සේවය සඳහා ආසාදිතයින් ලෙස වාර්තා නොවූ සේවකයින් 200 දෙනෙකු යොදවා ඇති බවත් ඔවුන්ට නිවෙස් වෙත යාම තහනම් කර ඇති බවද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

ලොව වඩාත්ම බලපෑම් සහගත 100 දෙනා අතරට ලාංකික කාන්තාවක්

ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව වෙනුවෙන් හඬ නගන අයකු ලෙස ප්‍රකට රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මිය TIME සඟරාවේ 2024 වසර සඳහා වන වඩාත්ම බලපෑම්සහගත පුද්ගලයන් 100...

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් කරගන්න එපා – රනිල්

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත් එබැවින්  සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාපන ක්‍රමය...

ගම්පහ ඔස්මන් ඝාතන සැලසුමක් හෙළි වෙයි

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන "ඔස්මන්" නැමැත්තා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...