මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 47,599 දෙනෙකු වාර්තාවී තිබෙනවා.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා.
එම සංඛ්‍යාව 20,519ක් බව සඳහන්.
එහිදි කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 12,030 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.