31 C
Colombo
Friday, January 17, 2025

මාලිගාකන්ද වෙඩිතැබීමට 5ක් අත්අඩංගුවට

- Advertisement -

මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 10, කොළඹ 13, වැල්ලම්පිටිය, කොළඹ 14, ප්‍රදේශවල පදිංචි අවුරුදු 19 ත් 35 ත් අතර වයස් වල පසු වන සැකකරුවන් 4 දෙනකු සහ අවුරුදු 54 ක කාන්තාවක්.

බරපතල තුවාල ලැබූ කාන්තාව සහ ඇගේ ස්වාමි පුරුෂයා යන දෙදෙනාම වෙඩි තබා ඝාතනය කිරීම සඳහා දැනට විදෙස් ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන පලවී ඉමෝශන් නැමැත්තාගේ මෙහෙයවීම මත වෙඩික්කරුවන් පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළා.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර...

අධිකරණයට අපහාස කළාට සුදාට නඩුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක...

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

POPULAR ARTICLES