28 C
Colombo
Saturday, April 19, 2025

ප්‍රදේශ කිහිපයකින් ත්‍රිරෝද රථ සොරකම් කළ 5ක් මාට්ටු

- Advertisement -

ත්‍රිරෝද රථ සොරකම් කළ සැකකරුවන් 05 දෙනෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 38, 51 හා 54 වයස්වල පසුවන සීදූව, ඔරුගොඩවත්ත, කොළඹ 10 හා කොළඹ 14 යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසනවා.

පසුගිය 27 වැනිදා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම් ස්ටේස් පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරු මත වැටලීමක් සිදුකර තිබුණා.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට තිබෙනවා.

අදාළ සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී එම සැකකරු විසින් සොරාගන්නා ලද ත්‍රිරෝද රථ 09ක් සොයාගෙන තිබෙනවා.

සොරාගත්  ත්‍රිරෝද රථ ළඟ තබාගෙන සිටි සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (28) සීදූව, මාලිගාවත්ත, ග්‍රෑන්ඩ්පාස් හා වැල්ලම්පිටිය යන පොලිස් වසම්වලදී අත්අඩංගුවට ගෙන කොටුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.

එම ත්‍රිරෝද රථ කොටුව, කිරිබත්ගොඩ, වත්තල හා බොරැල්ල පොලිස් වසම්වලදී සොරාගෙන ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා. .

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...