31 C
Colombo
Friday, January 17, 2025

බවුසර්වලින් ඉන්ධන අරන් හොරට විකුණූ 5ක් අත්අඩංගුවට 

- Advertisement -

කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට යන ඉන්ධන පිරවු බවුසර්වලින් ඉන්ධන ජාවාරමේ නිරත වූ බවට සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ඉන්ධන පිරවු බවුසර් රථවල මුද්‍රා නොකඩා ඉතා සූක්ෂම අයුරින් ඉන්ධන සොරා ගෙන අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බවයි වාර්තා වන්නේ.

බණ්ඩාරගම පොලිසිය පවසන්නේ, ඒ සම්බන්ධයෙන් ඉන්ධන බවුසර් රථ දෙකක රියදුරන් දෙදෙනෙක් සහයකයන් දෙදෙනෙක් මෙන්ම ඉන්ධන මිලදී ගත් පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බවයි.

පෙට්‍රල් ලීටර් 70ක් සහ ඩීසල් ලීටර් ඉන්ධන 80ක් සහිත ප්ලාස්ටික් බුලි 7ක් සමගයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

බණ්ඩාරගම, වැල්මිල්ල, මෛත්‍රී මාවතේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අධිකරණයට අපහාස කළාට සුදාට නඩුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක...

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

දුම්රියේ සම්බාහන මැදිරිය ගැන විමර්ශනයක්

දුම්රිය මැදිරියක් තුළ විදෙස් සංචාරකයින් සම්බාහනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින්, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර...

POPULAR ARTICLES