පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව රාගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (06) පෙරවරුවේ සිදුකළ වැටලීමකින් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාගම – පේරලන්ද ප්‍රදේශයේදී පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තෙ ආනයනය කරන සුදු ළුෑණු තොගයක් සොරකම් කිරීමේ ජාවාරමකට සම්බන්ධවයි.
සුදු ළුෑණු ටොන් 10 ක් පමණ අඩංගු වූ බහාලුමක මුද්‍රාවට හානියක් නොවන අයුරින් එහි පිටුපස දොර ඉතා සූක්ෂම ලෙස විවෘත කර සැකකරුවන් විසින් මෙම සොරකම සිදුකර තිබෙනවා.
සැකකරුවන් රාගම සහ දංඕවිට ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, කලක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.