25 C
Colombo
Thursday, January 16, 2025

මීටියාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 5ක් අත්අඩංගුවට

- Advertisement -

මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අදාල සැකකරුවන් සමග ගිනි අවියක්ද සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මීටියාගොඩ – බලිමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයෙකුට සහ කාන්තාවකට ඊයේ රාත්‍රියේ වෙඩි තබා තිබුණා.

ඒ හේතුවෙන් ඔවුන් බරපතල තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ, වයස අවුරුදු 49ක් සහ වයස අවුරුදු 29ක් වන බලිමුල්ල, මිටියාගොඩ ප්‍රදේශයේ පදිංචි පියා සහ දියණියක්.

තුවාලකරු හා තුවාලකාරිය නිවසේ සිටියදී, පුද්ගලයින් පිරිසක් පැමිණ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා තියුණු ආයුධවලින් පහරදී පලාගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

බරපතල තුවාල පියා සහ දියණිය බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළා.

පොලිස් මූලික විමර්ශණවලින් හෙළිවී ඇත්තේ, වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයාගේ පුත්‍රයා වන නුවන් ගුණතිලක නැමැත්තා සොයා වෙඩික්කරුවන් පැමිණ තිබෙන බවයි.

නමුත් වෙඩික්කරුවන් පැමිණෙන අවස්ථාවේ එම පුත්‍රයා නිවස තුළ සිට නැහැ.

මත්ද්‍රව්‍ය අරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

වෙඩි තැබූ ස්ථානය අසළ තිබී මිලිමීටර 9 වර්ගයේ උණ්ඩ කොපු 4ක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පියාටද මීට පෙර මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවරා ඇති බව පොලිසිය සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES