කොළඹ වරාය පරිශ්‍රයේ තිබී මිනිස් ඇට සැකළි 5 ක් හමුවී තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කළේ, දෙවැනි අදියරේ කැණීම් ඊයේ(28) අවසන් කළ බවයි.
ඒ, අදාළ කැණීම් ක්‍රියාවලිය සඳහා වෙන්කර තිබූ ප්‍රතිපාදන අවසන් වීම හේතුවෙන්.
කොළඹ වරාය පරිශ්‍රයේ තිබී එම අස්ථි කොටස් හමුවුණේ, පසුගිය ජූලි 13 වැනිදා.
ඊට අදාළ කැණීම්, පසුගිය (05) වැනිදා ආරම්භ වුණා.
මිනිස් ඇට සැකිළි 5 ක් සොයා ගෙන ඇත්තේ, එතැන් සිට මේ දක්වා කළ කැණීම්වලදී.
එම ක්‍රියාවලිය සඳහා කේෂත්‍ර රාජකාරියේ නිරත නිලධාරීන් සංඛ්‍යාව, 5ක්.
එහි තුන්වැනි අදියර සඳහා රුපියල් මිලියනයක පමණ මුදලක් වැය වෙතැයි අපේක්ෂා කරන බව, ජ්‍යෙෂ්ඨ පුරා විද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කළා.
ඒ අනූව ඔක්තෝබර් 15 වැනිදා තුන්වැනි අදියරේ කැණීම් ආරම්භ කිරීමට නියමිතයි.