23 C
Colombo
Thursday, February 13, 2025

5 ශිෂ්‍යත්වයේ දිවයිනේ ප්‍රථමයෝ

- Advertisement -

2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් අද (24) පෙරවරුවේ පවත්වනු ලැබූ විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව පවසා සිටියා.

එහිදී විභාග කොමසාරිස් ජනරාල් පවසා සිටියේ, ඊයේ නිකුත්කළ ප්‍රතිඵල අතරින් වැඩිම ලකුණු ලබාගත් දරුවා ලකුණු 188ක් ලබාගෙන තිබෙන බවයි.

ඊට අමතරව දරුවන් 17 දෙනෙකු ලකුණු 187 හා 186 සීමාවේ පසුවන බවත් වැඩිම ලකුණු ලබාගත් දරුවන් 18 දෙනාගෙන් 11 දෙනෙකු පිරිමි දරුවන් බවත් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

නිමාවූ ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් 319,284ක් පෙනී සිටි අතර, ඉන් සිසුන් 51,244ක් සමත්ව තිබෙනවා.

ඒ අනුව විභාගය සමත් සිසුන්ගේ ප්‍රතිශතය 16.05%ක්.

එය පසුගිය වසරට සාපේක්ෂව වැඩිවීමකි.

2023 වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් සමත්ව ඇත්තේ 15.12%ක ප්‍රමාණයක් වන අතර මෙවර ප්‍රතිඵල අනුව දරුවන් 77.96%ක ප්‍රතිශතයක් ලකුණු 70ට වැඩිගෙන් ලබාගෙන තිබෙනවා.

එයද පසුගිය වසරට සාපේක්ෂව සුළු වැඩිවීමක්.

2023 වසරේදී දරුවන් 77.75% ප්‍රතිශතයක් ලකුණු 70ට වැඩියෙන් ලබාගෙන තිබෙනවා.

එමෙන්ම විභාගයට පෙනී සිටි දරුවන් 37.70% ප්‍රමාණයක් ලකුණු 100ට වැඩියෙන් ලබාගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

කෙසේ නමුත් 2023 වසරට සාපේක්ෂව එය සැලකිය යුතු අඩුවීමක්.

පසුගිය වසරේදී විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 45.06% ප්‍රතිශයක් ලකුණු 100ට වැඩියෙන් ලබාගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගහගෙන ගිහින්

පානදුර මුහුදේ ඊයේ (12) පස්වරුවේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් ඉන් 12 දෙනෙකුගේම දිවි බේරාගැනීමට හැකි වූ බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය...

හල්පේ මාරක අනතුරක්

ලොරි රථයක් හා ස්කූටි වර්ගයේ යතුරු පැදියක් එකිනෙක ගැටීමන් මාරක අනතුරක් සිදුව තිබෙනවා. ඇල්ල පොලිසිය පවසන්නේ, බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ඉන්ධන පිරවුම්හල අසළදී අද...

POPULAR ARTICLES