ඊශ්‍රායලයේ සිදු වූ වෙඩි තැබීමකින් එකම පවුලේ 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ උතුරු ඊශ්‍රායලයේ අරාබි නගරයේ නිවසකට ඇතුළු වූ මිනිසුන් පිරිසක් වෙඩි තබා ඇති බවයි.
ඉන් අනතුරුව අසල්වාසීන් දුන් තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට පැමිණ ඇති බවට වාර්තා වනවා.
කෙසේ වෙතත් පොලිසිය එම ස්ථානයට පැමිණෙන විටත් නිවසේ කාන්තාවක් ඇතුළු එකම පවුලේ 5 දෙනෙකු මියගොස් සිට ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පළාගොස් ඇති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.