27 C
Colombo
Sunday, December 3, 2023

පොලිස් ස්ථානාධිපතිවරු පහක් තනතුරුවලින් ඉවතට

- Advertisement -

පොලිස් ස්ථානාධිපතිවරුන් පස් දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරුවලින් ඉවත් කර සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

ඊට අදාල විශේෂ පොලිස් පණිවුඩ වැඩබලන පොලිස්පතිවරයා විසින් අද නිකුත් ඇත. මෙලෙස හදිසියේ ස්ථානාධිපති තනතුරුවලින් ඉවත් කර ඇත්තේ කටාන පොලිස් ස්ථානාධිපති, චීනවරාය පොලිස් ස්ථානාධිපති, වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරීක්ෂක හික්කඩුව පොලිස් ස්ථානාධිපති සහ අක්මීමන පොලිස් ස්ථානාධිපති ධුරය දරන පොලිස් නිලධාරීන්ය.

මෙම ස්ථානමාරුවීම් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන නැති අතර ඉදිරියේදී අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

RECENT ARTICLES - SINHALA

පිලිපීනයේ භූ කම්පනයෙන් සුනාමි අවදානමක්

පිලිපීනයේ මින්දනාඕ ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හට ගෙන තිබෙනවා. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, පලාව් සහ මැලේසියාවේ...

වැඩි කළ විශ්‍රාම වැටුප ලැබෙන දිනය ගැන දැනුම් දීමක්

විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. දැරණියගල නගරයේ පැවති උත්සවයකට...

ගාසා තීරය ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යළි සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව, අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කර...

POPULAR ARTICLES

සජබ මන්ත්‍රීවරයෙක් පක්ෂයෙන් දොට්ට

දිගින් දිගටම ආණ්ඩුවට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් සමඟි ජන බලවේගයේ පස්සර සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සමගි...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවති උත්සවයකින්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...