මහින්ද රාජපක්ෂ වර්තමානයේ පත්ව ඇති තත්වයට ඇද වැටුණේ ‘බේබිලා’ නිසාවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
කලින් කැබිනට්ටුවේ සිටියේ රාජපක්ෂලා තුන් දෙනෙකු පමණක් වුවත් මෙවර එය 5ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
ලැජ්ජාව සහ බය තිබුණේ නම් එම සංඛ්‍යාව තුනේම පවත්වාගෙන යන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
එමෙන්ම, නව බදු ක්‍රමය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා පවසන්නේ මෙම බදු හරහා සමාජ අසහනය කිහිප ගුණයකින් වැඩි වී සමාජ අසහනය හරහා කැරළිකාරී සමාජ ප්‍රවණතාවයක් නැවතත් මතුවිය හැකි බවයි.
මේ අතර, මහින්ද රාජපක්ෂ විසින්ම මෙරටට රැගෙන ආ අන්තර්ජාලය උපයෝගි කරගෙන ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ ඔහුට ‘මයිනා ‘ ලෙස ආමන්ත්‍රණය කරන බව නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු පවසන්නේ තමාව ‘ පොඩි මයිනා ‘ ලෙස හඳුන්වන බවයි.