31 C
Colombo
Tuesday, April 16, 2024

ධම්මිකගේ පුද්ගලික ධනයෙන් මාසිකව ජනතාවට කෝටි 5ක්..!

- Advertisement -

ශ්‍රී ලංකාව මාස 6 ක් තුළ සුභවාදී මාවතකට ගෙන ඒමට සැලසුම් සකස් කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසනවා.

ඒ, පෙරේදා (27) රාත්‍රීයේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින්.

රටේ ජනතාවගේ සංවර්ධනය වෙනුවෙන් තම පෞද්ගලික මුදල්ද වැය කිරීමට සූදානම් බවයි එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව, මසකට රුපියල් මිලියන 50 ක් බැඟින් ඒ සඳහා යෙදවීමට සූදානමින් බවත් වැඩකටයුතු කිරීමේදී ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර මාස 3 ක් බලා සිටීමට තමාට නොහැකි බැවින් එවැනි අවස්ථාවලදී තමන්ගේ ධනය යෙදීමට සූදානම් බවත් ඔහු සඳහන් කරනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවා සඳහා යාපනය ඇතුළු ඒ ආසන්න ප්‍රදේශයට කාර්යාලයක් නොමැති අතර ඒ හේතුවෙන් ඔවුන්ටද කොළඹට පැමිණීමට සිදුව ඇති නිසා පළමුවෙන් තමන් එම ප්‍රදේශයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් තමන්ගේ ධනයෙන් ආරම්භ කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.


RECENT ARTICLES - SINHALA

අනතුරට ලක්වූ දුම්රියේ රියදුරුට වැඩ වරදී

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවැනි වේදිකාවේ දුම්රියක් ගැටීමේ සිද්ධිය්ට අදාළ දුම්රිය රියැදුරුගේ වැඩ තහනම් කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ. ඩබ්ලිව් බණ්ඩාර මහතා සඳහන් කළේ,...

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් යළිත්

ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලයට පැමිණෙන ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට ගුවන් සේවා යළි ආරම්භ කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා. පසුගිය 13 වන...

වික්ටෝරියා ජලාශයට ජීවිත තුනක් බිලි

වික්ටෝරියා ජලාශයේ දියේ ගිලීමෙන් මියගිය යුවළ බේරාගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකුද ඊයේ (15) පස්වරුවේ දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසනවා. දිගන, කුඹුක්කඳුර ප්‍රදේශයෙන් වික්ටෝරියා ජලාශයේ...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...