30.4 C
Colombo
Wednesday, April 24, 2024

වරායේ කෑම වියදමෙන් 50%ක්ම කජු වලටයි..! – ඇමති සිරිපාල

- Advertisement -

කොළඹ වරායේ ආහාර සඳහා වෙන් කෙරෙන මුදලින් බාගයක්ම වැය වන්නේ කජු සඳහා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

මේ අනුව කජු වෙනුවට වෙනත් ආදේශක ආහාර එහි කෑම වේලට එකතු කරන ලෙසයි අමාත්‍යවරයා කොළඹ වරාය මුළුතැන්ගෙයි නිලධාරීන්ට ඊයේ (16) උපදෙස් දුන්නේ.

මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ අමාත්‍යවරයා කොළඹ වරායේ මුලුතැන්ගෙය පරික්ෂා කළ අවස්ථාවේදීයි.

එසේම කොළඹ වරායේ ආහාර වේලක් සඳහා රුපියල් හාරසිය පනහකට ආසන්න මුදලක් වැය වන බවද මෙහිදී තොරතුරු අනාවරණයවී තිබෙනවා.

කොළඹ වරායේ මුළුතැන්ගේ සඳහා ලියාපදිංචි නොමැති ආයතන වෙතින් භාණ්ඩ මිලදී ගැනීම් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් මුළුතැන්ගේ ප්‍රතිසංස්කරණය කිරීමට හෝ වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුමක් සකස් කරන ලෙසත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කොළඹ වරායේ උප සභාපතිවරයාට උපදෙස් දී තිබෙනවා.

කොළඹ වරාය මුළුතැන්ගෙයින් දිවා ආහාරය සඳහා සේවකයන් 5000කටත් රාත්‍රී ආහාරය සඳහා සේවකයන් 3500 කටත් ආහාර සැපයෙන බව මෙහිදී තොරතුරු අනාවරණය වී තිබෙනවා.

වසර 44කට පෙර ඉදි කර ඇති ඉදිකර ඇති වරාය මුලුතැන්ගෙය මේ වන විට ඉතාමත් අබලන් තත්වයේ පවතින බවත් ආහාර සැකසුම් තමන් පවතින්නේ පැරණි ක්‍රමයට බවත් මෙහිදී හෙළිදරව්වී ඇත. ඒ අනුව මේ තත්වය වහා වෙනස් කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.


RECENT ARTICLES - SINHALA

Breaking: දමිතාට හා සැමියාට ඇප

කොරියාවේ විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනී දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර...

මහ නගර සැලසුම් හදන්න සිංගප්පූරු ධූත පිරිසක් දිවයිනට

මෙරට මහ නගර සැලැස්ම නිර්මාණය කරන සිංගප්පූරුවේ සබානා ජූරම් සමාගමේ නියෝජිතයින් පිරිසක් අද(24) යළිත් දිවයිනට පැමිණ තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර මහතා...

සිරිසේනට තවත් අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නිදහස් පක්ෂ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (24) තවත් වාරණ නියෝගයක් නිකුත් කළා. ඒ එම පක්ෂයේ හිටපු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...