පොළොන්නරුව, බකමුණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්තයක සේවක සේවිකාවන් 500කට ආසන්න ප්‍රමාණයක් ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය පවසන්නේ ආහාර විෂ වීමකින් අනතුරුව ඔවුන් අද (19) උදෑසන බකමුණ සහ අත්තනකඩවල ග්‍රාමීය රෝහල් වලට ඇතුළත් කර ඇති බවයි.
අසාධ්‍ය වූ සේවක සේවිකාවන් එම ඇඟලුම් කර්මාන්තයේ බස් රථ වලින් හා ගිලන් රථ මගින් බකමුණ ප්‍රාදේශීය රෝහලටත්, අත්තනකඩවල ග්‍රාමීය රෝහලටත් ඇතුළත් කර ඇති බව පොලිසිය තවදුරටත් සඳහන් කරනවා.
මේ අතර, අත්තනකඩවල සහ බකමූණ රෝහලට ඇතුළත් කර ඇගලුම් කර්මාන්ත සේවක, සේවිකාවන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් ඔවුන් ප්‍රතිකාර ගනිමින් සිටින බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.